top of page

විද්‍යාව සහ බුදු දහම

  • hedigalle soratha thero
  • Apr 16, 2017
  • 3 min read

බුදු දහමට අනුව යම් දැණුමක් නිවනට මග ‍පෙන්වයිද එම දැනුම විජ්ජා හෙවත් විද්‍යා නම්වේ. අවිද්‍යාව දුරුකල විට විද්‍යාව පහලවෙන බව බුදු දහමේ ආධානග්‍රාහයකි.සසරට හේතුව අවිද්‍යාව වේ.හේතු පල වාදයට අනුව හේතුව අවිද්‍යාව වන විට පලය වන්නේ සසරය. එලෙසම විද්‍යාව හේතුව වන විට එහි පලය නිර්වාණයය වේ.මෙහි විද්‍යාව ලෙස සදහන් වනුයේ නවීන බටහිර විද්‍යාව නොව ලෝකෝත්තර චතුරාර්ය සත්‍යය පිලිබඳ දැනීම නම්වූ විද්‍යාවයි. විද්‍යාව යනු සත්‍ය ,ප්‍රඥාව, ධර්මය,ශාස්‌ත්‍රය යන ලෙසද අර්ථය ගෙනදීම තුල පසුව සිංහල භාෂාව තුල නවීන බටහිර විද්‍යාව ලෙස පරිණාමනය කරවිය.

  • අවිද්‍යාව (බුදු දහම)

  • විද්‍යාව

  • ත්‍රිවිද්‍යා

  • අෂ්ඨ විද්‍යා

අවිද්‍යාව (බුදු දහම)

අවිද්‍යාව (සංස්කෘත; පාලි: අවිජ්ජා) යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ "මුග්ධතාව" හෝ "මෝහය" යන්නයි. බුදු දහමෙහි අවිද්‍යා යනු චතුරාර්ය සත්‍යයන්හී නියම අදහස සහ ගම්‍යාර්ථය තේරුම් නොගැනීම හෝ සක්‍යයෙහි ස්වරූපය පිළිබඳ මූලික අනවබෝධය ලෙසින් මෙය අර්ථදැක්විය හැක.

සමාන වචන:

සංස්කෘත අවිද්‍යා

පාලි අවිජ්ජා

අවිද්‍යා යනු මායාවයි - නොදැනීමයි. බුදු දහමේ ඉගැන්වීම් වල මෙය බොහෝ ලෙසින් සාකච්ඡාවට පාත්‍ර වී තිබේ.

සමාන අර්ථ • චීන Wúming • ජපන් Mumyõ • වියට්නාම් Vô minh • ටිබෙට් Ma.rig.pa

බුදු දහමෙහි සහ බෞද්ධ දර්ශනයෙහි අවිද්‍යාව ප්‍රධාන වශයෙන් සාකච්ඡා වන විෂයයකි. අවිද්‍යාව යනු සංසාරයෙහි දුක ඇති වීමට මූලික හේතුවයි.

1. අවිද්‍යාව ක්ලේශයන් තුනෙන් එකකි.

2. භවචක්‍රයෙහි පළමු ගරාදිය අවිද්‍යාවයි. (Spoke)

3. අවිද්‍යාව පටිච්ච සමුප්පාදයෙහි පළමු පුරුකයි.

ක්ලේශයන්ගෙන් එකක් ලෙස අවිද්‍යාව, තණ්හාව සහ ඇලිම (උපාදානය)අැති. භවචක්‍රයෙහි පළමු ගරාදිය ලෙස සියලුම දේ ඒ පසු පස ගමන් ගනී. පටිච්ච සමුප්පාදයෙහි පළමු පුරුක ලෙස සියලු පුරුක් නොහොත් අනිකුත් සියලු ක්‍රියා දාමයන් වලට හේතුව වන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාවෙහි ප්‍රතිවිරුද්ධ තත්වය ප්‍රඥාවයි. ප්‍රඥාව ලබා ගන්නේ දැනුවත්වීම, ඉවසීම ප්‍රගුණ කිරීම සහ ධ්‍යාන වැඩීමෙනි. මෙම අංශ තුන ථේරවාද සම්ප්‍රදායේ ආර්යාෂ්ඨාංගික මාර්ගයේද මහායානයේ පාරමිතා වලද අන්තර්ගත වී ඇත.

එක් පැතිකඩක සිට පැතිකඩ හයක් දක්වා. අවිද්‍යාව යනු දැනීම හීන වීමයි. එය චේතනා සමග සමිබන්ධෙෙවී. වේදනා කාණ්ඩ තුනක් හා බැඳී පවතින පාර්ශවයන් තුනක් ඊට ඇත්තේය. අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය නොදන්නා බව ෙහවත් මෝහයයි. සසර ගමනේ නවතින්නට ඉඩ නොදී (සංසාරය) දිගින් දිගට ඇලීම ද අවිද්‍යාවයි. ඉන්ද්‍රය දොරටු හය හෙවත් සලායතන හා බැ‍ෙදන අංශ හයක් අවිද්‍යාවේ ඇත.

විද්‍යාව

සිතීමේ හැකියාව ඇති ජීවීන් කොටසක් මත විද්‍යාව තුලනය වෙමින් පවතී. විද්‍යාව සමබර නැත. එය 100% සත්‍ය නොවේ. එය මිනිසා විසින් අවසානයක් දක්වා තුලනය කිරීමට උත්සහ දරයි. නමුත් එය තුලනය කිරීමට කිසිදා නොහැකි වනු ඇත. උපතේදී අයකු ක්‍රියා කරන්නේ හැඟීම් හා උත්තේජයන් මතය. නමුත් උපතේ සිට ඹහු ඇස, කණ, දිව, නාසය, සම යන ඉන්ද්‍රීන් මගින් භාහිර ලෝකය ග්‍රහණය කරගනී. එම ඉන්ද්‍රීන් මගින් ග්‍රහනය කරගන්නා ලෝකය මොළය මගින් ප්‍රත්‍යක්ෂ කර ගනී. ඒ ප්‍රත්‍යක්ෂයන් දැනුම නම් වේ. එම ප්‍රත්‍යක්ෂයන්ගේ නිරවද්‍යම යැයි සැලකිය හැකි ප්‍රත්‍යක්ෂයන් විද්‍යාව ලෙස හැදින්වේ. විද්‍යාවේ උපතත් විද්‍යාවේ මරණයත් මිනිස් ශිෂ්ඨාචාරයේ උපතත් මිනිස් ශිශ්ඨාචාරයේ මරණයත් වන්නේය. සමහරක් දෑ මිනිසාගේ ඉන්ද්‍රීය පද්ධතියට ගෝචර නොවේ. ඒවා ඉන්ද්‍රීන් මගින්ම වක්‍රා කාරයෙන් මිනිසා ගෝචර කරගැනීමට උත්සහ දරයි. 20 අඩු හා 20000 වැඩි තරංග අපේ ඉන්ද්‍රීන්ට ගෝචර නොවූවත් විවිද උපක්‍රම භාවිත කර පරිගණකය නම් උපකරණයකින් ඒවා මිනිස් සත්ත්වයා ගෝචර කර ගනී. (සැ.යු.- මනස ඉන්ද්‍රියක් නොව කල්පිතයක් බැවින් එයින් පරිසරය ගෝචර කරගත නොහැක. මෙසේ කළහැකි ලෙස අයකු දකින්නේ අධික භාවනාව නිසා මනස විකෘති වී හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙනි. මෙය මානසික විකෘතියක් මිස යතාර්තය නොවේ.) මෙලෙස විවිධ ක්‍රම මගින් අප ලෝකය ප්‍රත්‍යක්ෂ කරගනී. එම ප්‍රත්‍යක්ෂයන් විද්‍යාව තව තවත් සංවිධානාත්මක කරවයි. නමුත් සිහියේ තබාගතයුතු දෙයක් ඇත. විද්‍යවේදී ද දෙයක් සම්බන්දව මත කිහිපයක් තිබිය හැක. සමහර විට ඒ සියලු මත නිර්වද්‍ය නොවනු ඇත.

ත්‍රි විද්‍යා

  1. පරචිත්තවිජානන ඤාණය: අනුන්ගේ සිත් දැනගැනීමේ විද්‍යාව

  2. පුබ්බේනිවාසානුස්මෘති ඤාණය - පෙර භව ගැන දැනීමේ විද්‍යාව

  3. ආශ්‍රවක්ෂයකර ඤාණය - ආශ්‍රව ක්ෂය කිරීමේ විද්‍යාව

අෂ්ඨ විද්‍යා

  1. පරචිත්තවිජානන ඤාණය: අනුන්ගේ සිත් දැනගැනීමේ විද්‍යාව

  2. පුබ්බේනිවාසානුස්මෘති ඤාණය - පෙර භව ගැන දැනීමේ විද්‍යාව

  3. ආශ්‍රවක්ෂයකර ඤාණය - ආශ්‍රව ක්ෂය කිරීමේ විද්‍යාව

  4. විදර්ශනා ඤාණය : සෑම දෙයක් පිළිබඳ ව ඇත්ත ඇති සැටියෙන් විනිවිද දැකීමේ විද්‍යාව

  5. මනෝභය සෘද්ධි ඤාණය - බොහෝ දෙනකු ලෙස පෙනී සිටීම, නොපෙනී සිටීම

  6. සෘද්ධිවිධ ඤාණය - අහසින්යෑම, දිය මත ඇවිදීම, පොලොවේ කිමිදී යෑම, ගිනිමත සිටීම

  7. දිව්‍ය චක්ඛු ඤාණය - ඕනෑම දුරක පවතින දෙයක් දැනීමේ විද්‍යාව

  8. දිව්‍ය ග්‍රෝත ඥානය - දුර පවතින ශබ්ද , යන්ත්‍ර වලටවත් අසුනොවන සියුම් ශබ්ද ආදිය ඇසීමේ විද්‍යාව

Comments


දහම් අඩවියේ  අරමුණ ෴

 

නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී.....

 

යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද

යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයක ප්‍රතිඵලයකි දහම් අඩවිය ...

Site Of Dhamma -By  Hedigalle  soratha  thera   all copyright @2017

bottom of page